Tuesday, July 14, 2015

ගීතයකි ඔබ මගේ තත්සර රාවයේ


(මා මිත්‍ර තිස්ස ජයරත්නගේ තුන්වැනි ගීතයයි මේ. දෑස නොපෙනෙන ඔහුගේ මිත්‍ර හදවත සරසවිය තුළ මා නිබඳවම අත්වින්දෙමි. මේ ඔහු වෙනුවෙන් මගේ වර්ණ කුලකයේ වෙන්කරන කුඩා ඉඩකි. තිස්ස ඔබට ජය!) 

ගීතයකි ඔබ මගේ තත්සර රාවයේ
තනුව ඔබමය මගේ පදවැල් මාලයේ
හදින් හද මුමුණනා..... සවන් අතරේ රැවුදෙනා
ගීය ඔබමය තනුව ඔබමය මිහිරියේ

සොයා එමි මම සුමුදු ඔබෙ රුව
හිඳුණු මැන මා එනතුරා....
ඔබේ හඬ මම අසා සිටියෙමි
විහඟ ගීයක රැවුදෙනා...

ඔබ මගේ වී මා ඔබේ වී
එකම සෙවණක තනිවෙලා....
මධු මලින් මල් මාල ගොතලා
පලඳවමි ඔබ ගෙල වටා...

ගායනය  - තිස්ස ජයරත්න
පද මාලාව - ලාල් වේරගොඩ
සංගීතය  - චන්ද්‍රරත්න ඉලේපෙරුම


තිස්ස ජයරත්න

තිස්සගේ

12 comments:

  1. මෙන්න මිනිස්සු... මෙන්න නියම සරල ගී
    උඹට කියන්න හෙන්රි කල්දේරා කියන සමහර සින්දු මට පොඩ්ඩක් අවුල් වුණත් අප්‍රමාණ ගෞරවයක් ඔහු ගැන තිියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දෑස නොපෙනෙන අඩුව ඔහුගේ මියුරු හඬින් වැහෙනවා මචන්
      ස්තූතියි
      ජයවේවා මාධවියෝ!

      Delete
  2. Replies
    1. ගීතය ඇහුවද?
      ජයවේවා!

      Delete
  3. වර්ණ කුලකයට දවසින් දවස අලුත් වර්ණ එක්කරන මිත්‍රයෝ ඉන්නවා වගේ. සතුටුයි :) :) මිත්‍රයගෙ දෑස නොපෙනුනාට හදවතින් මුළු ලොවම දැකලනෙ හරිම අපූරුයි. වර්ණ කුලකයටම ජය :)

    ReplyDelete
    Replies
    1. සරසවියෙ මගේ හොඳම මිතුරා මේ ඔහුගේ අලුත් ගීතය කුලකයට එක්කර ගත්තා
      යූ ටියුබ් එකට ගිහින් අහල බලන්න ලස්සනයි ඇත්තටම

      Delete
  4. ""සොයා එමි මම සුමුදු ඔබෙ රුව
    හිඳුණු මැන මා එනතුරා....
    ඔබේ හඬ මම අසා සිටියෙමි
    විහඟ ගීයක රැවුදෙනා...""

    මේ ටික නම් මාරයි!!
    පට්ට සින්දුව!!

    ReplyDelete
    Replies
    1. අහිංසක කොල්ලෙක් වෙනුවෙන් ස්තූතියි රූපේ
      ජයවේවා!

      Delete
  5. අඩේ ලස්සනයි මචං. නිකං ඉන්න එකේ එෆ් එම් එක්කට වත් දීකො ශ්‍රී එකේ නං සල්ලි නොගෙන පෙචාරය කරනව

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙමෙ දෙයක් පුළුවන් නම් ඒක තිස්සට ලොකු පිටුවහලක් මහේෂ්
      නාළිකාවකට දෙන විදියක් තියෙනව නම් දන්වන්න
      ජයවේවා!

      Delete
  6. හිමිහට අහලා කමෙන්ටුවක් දාන්නම්.

    ReplyDelete