Wednesday, June 24, 2015

තනිතරුවේ


තනිතරුවේ

ලොවම විරහ ගී
නුඹට ලියද්දී
රහසෙම නුඹ ලියූ
පෙම් ගීයේ
තනිකම විරහවෙ
උරුමය නොවූ වග
ලොවටම රහසින්
හඬගෑවේ
තනිකම විරහව
එකම රන් හුයෙන්
කාර බන්දනා
කිවිඳුන්නේ
පෙම්වත් සිතකට
තනිවන්නට බැරි
කිමදැයි නුඹ උන්
විමසන්නේ.......

16 comments:

  1. අෙන් මන්දා .....
    (අඹයා)

    ReplyDelete
  2. ඇත්තටම පෙම් සිතකට තනිවෙන්නට බැරිද?

    ReplyDelete
    Replies
    1. වැඩියම මේ ලෝකේ
      තනිවෙච්ච පෙම් හිත්මයි ඇත්තෙ
      නොපෙනුනාට
      නොදැනුනාට
      තනියම නොවේ වගේ පෙනුනාට
      ගොඩක් හිත්........ තනියමයි ජීවත් වෙන්නේ
      (අඹයා)

      Delete
    2. සහතික ඇත්ත අඹයෝ
      ජය!

      Delete
  3. මොකෝ බැරි.............

    මිත්‍ර

    ReplyDelete
    Replies
    1. කොච්චර තනිවෙච්ච පෙම් සිත් තියෙනවද මේ ලෝකෙ
      ජයවේ මිත්‍ර!

      Delete
  4. අපූරු කවියක් විරහවම ඇර වෙන දේකුත් ලියන්ට බැලුව නං
    හැම තැනම බූට් කාල දැං හිහි

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් ඊළඟට වෙනස් කවියක් දාන්නම්කෝ...
      ජයවේ මහේෂ්!
      දිගටම මෙහාට එනවට තුති මල්

      Delete
    2. අන්න එහෙම එන්න මල්ලී.... හැමදාම අඬංට බෑ සත්තරනෙ.

      Delete
    3. හරි හරි අයියේ......
      ජයවේ මධූ!

      Delete
  5. ඔව්... තනි වෙච්චි පෙම් සිත් ඕනේ තරම් ඇති රහසේම ඉකි බිඳින..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කුශානි
      ජයවේවා!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔය තනි තරුවට මාත් කවි ලිව්ව හැමදාම මා දිහා බලා හිටිය විතරයි මොකුත් ම කිව්වෙ නෑ පහුවෙනිදා වැහි වලා ඇවිල්ල අහස අඳුරු වෙද්දී තනි තරුව නොකියාම ගිහිං

      Delete
    2. ගොඩක් දෙනෙකුට වෙච්ච දෙයක් හංසි ඕක
      ජයවේවා!

      Delete