Sunday, June 21, 2015

සුරා සිතට කවි අරගෙන


සුරා සිතට කවි අරගෙන
බදු වද මල් පිපෙනවා
මද්දු නගේ නුඹ දුටුවම
හිතේ සුරා නිවෙනවා

මහ කන්දේ දර ලන්දේ
තනි අරලිය මලක් වගේ
දර කඩනා මද්දු නගේ
නුඹ ඉන්නේ දුර හින්දයි
මම කිතුලට නගින්නේ

මහ කන්නේ රැකගන්නේ
වැස්ස වලාහක උන්දේ
උඹටත් පිං පුදමි හදේ
මද්දු නගේ නුඹ ගන්නයි
මම මේ දුක් තපින්නේ

12 comments:

  1. ඇත්තටම මද්දු නගා දැක්කම සුරාව නිවෙනවාද...? එහෙමනම් .... තව නගාල දහයක් වත් හිටියොත් බාර් වහන්නත් වෙයි නේ.....
    ලස්සනයි ..... වර්ණ .....

    ReplyDelete
    Replies
    1. සුරවා නිවෙනවා කීවට දෙගුණ වෙනවද දන්නෙත් නෑ.....

      ජයවේ නිහිංසා!

      Delete
  2. පින්තුරේ කෙල්ල නං මාර හැඩයි හොදේ..

    ReplyDelete
    Replies
    1. ඇයි කයිය ලස්සන නැද්ද දේශක?
      ජයවේ දේශක

      Delete
    2. කෙල්ල දිහා ඉතරයි බැලුවේ හැක්..

      Delete
  3. කයියයි කෙල්ලයි දෙකම ෂෝක්!

    ReplyDelete
    Replies
    1. තැන්කියු මචන්
      ජයවේ මාධවී!

      Delete
  4. මේ වගේ කවියකට අර වගේ දැරිවියක් දැම්මම අපේ ඇස් යන්නෙ ඒ දැරිවිට කියල දන්නෙ නැතිවැයි
    හිහි
    අපූරු කවිය ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒක දැනෙගෙනම තමා දැම්මෙ හිහී...
      ස්තූතියි මහේෂ් හැමදාම ඇවිත් දිරිගන්වනවට
      ජයවේ මහේෂ්!

      Delete
  5. නුඹ ඉන්නේ දුර හින්දයි
    මම කිතුලට නගින්නේ

    මද්දු නගා ළඟ උන්න නම් කිතුලට නොනඟින්නේ මද්දු නගා සුරාව හින්ද තමා වර්ණ

    ReplyDelete
    Replies
    1. මද්දු නගේ නුඹ ගන්නයි
      මම මේ දුක් තපින්නේ

      කිතුල් සුරා ඇතිවෙලානෙ මිත්‍ර මද්දු නගා සුරාව ගන්න දුක් තපින්නෙ
      ජයවේ මිත්‍ර!

      Delete