Wednesday, June 17, 2015

සඳක අරුම


සඳක් පෑයූ කල්හි
සඳ එළිය දැක සැනසුනෙමි
සඳ රැගෙන කරඬුවක තබා
රැකවල් කළෙමි

සඳ මැවූ මුදු මල රැඳුණු
කටු නටුව අත රැඳුණි
දිනෙක සඳ මා අතැර
අහසටම ගොස් තිබුණි

එයින් පසු කිසි දිනෙක
සඳ එළිය තහනම් වුණි
සඳ විඳින අන් නෙතින්
මුදු එළිය විඳගතිමි

සඳෙහි රැඳි මුදු සුවය
උන් වරුණ මා අසමි
නෙත කඳුළු රඳවාන
මුළු හදින් විඳගනිමි

13 comments:

  1. ලස්සනයි.
    මට මතක් වුණේ කුමාරියක කරඬුව ක දාල බඩේ තියං රැක්ක යක්ෂ ය ගෙ කතාව. ඇත්තටම උෟ යකෙක් වුණත් පස්ට යකෙක් හිහි
    ලස්සනයි ඈ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්
      ජය!

      Delete
  2. සඳ අහිමිවූ සඳ නාඬන්න සකි සඳ

    ReplyDelete
    Replies
    1. නොහඬා සිටින්නට වෙරදරමි
      එහෙත්....
      ජයවේ කිචී...

      Delete
  3. අගෙයි මිත්‍රවර්ණ!
    ඒ වුණත් සඳ ගැන වැඩිය හිතන්න එපා. ඒක ඔහේ තිබුණාවෙ, උස්සං ඉන්නවයැ.

    ReplyDelete
    Replies
    1. අහිමි සඳ ගැන
      කරන කවිකම්
      අනේ සඳ නුඹ දනී නම්
      තරු කුමරියන්
      නුඹ වටා මේ හැටි
      සිටින්නෑ මතු දිනෙක නම්


      මිත්‍ර වර්ණ

      Delete
  4. Replies
    1. ස්තූතියි දිනේෂ්....

      Delete
  5. සඳ
    පැයෙන් පැය දිනෙන් දින
    වෙනස් වන සුල්ලබය
    එවන් සඳ එකලෙසින්
    රැකගැනුම දුල්ලබය

    ජයවේ මිත්‍ර!

    ReplyDelete
  6. රන් කරඬුවක දැමුවත් සඳ සිරකර කෙසේ සැනසෙම්ද
    නිදහසට රිසි සඳ, ඇසිල්ලෙන් ,ඉගිලෙනු කල

    ReplyDelete
    Replies
    1. සියක් රැකවල් ලූවත්
      යා යුතු කල....
      ජයවේ හංසි!

      Delete
  7. අපූරු පද පෙලක්...

    ඔන්න මමයි ඔයාගේ 20 වෙනි යාළුවා... :)

    ReplyDelete
  8. ස්තූතියි කුෂානි
    දිගටම ඇවිත් අදහස් දක්වන්න
    ජයවේවා!

    ReplyDelete