Sunday, June 14, 2015

පුදසුනට ගිනි ඇවිලිලා


මහාමේඝය රැගෙන
වඩිනු මැන මා සොයා
යොවුන් කුමරුනි නුඹ තැනූ
පුදසුනට ගිනි ඇවිලිලා.........

ජීවිතේ උයන් තෙර
නුඹෙ නමට ආදරෙන්
කුසුම් විකසිත වූ
නෙලා පිදුමට බලද්දී
පුදසුනට ගිනි ඇවිලිලා..........

එදා නුඹ කියා දුන්
ආදරේ ශ්ලෝකයන්
සැණින් සිහිපත් වී
ගයා වැඳුමට හදද්දී
පුදසුනට ගිනි ඇවිලිලා.............

10 comments:

  1. කුමට ආයාචනා
    ගිනි තැබුවෙ නුඹම වෙද
    ඉකි ගසන පපුතුරේ
    අවසාන සුසුම් පොද
    හමා ගිය නමුත් අද
    නුඹේ පෙම රකින්නට
    නොහැකි විය කුමරුනේ
    නිවන්නට දුක් ගින්න

    ReplyDelete
    Replies
    1. නෙත් කෙවෙනි තෙමාලන
      කඳුලක්ව ඉපදුණත්
      සිනහවක් ලෙස වැඩී
      දකින්නට ලෝකය
      වෙරදරමි මා....
      වඩිනු මැන කුමරුනේ නුඹ
      දැවූ පුදසුන නිවිය යුත්තේ නුඹමය....

      ජය මිත්‍ර!

      Delete
    2. නිවාලනු තවත් බැහැ
      දා ගියපු පුදසුනක්

      Delete
    3. ඇයි බැරි උවමනාවක් තියනව නම් පුළුවන්

      Delete
  2. අපූරුයි...
    මේව බුකියෙත් ශෙයා කරනව නේහ්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්
      කලින් නම් දැම්මා
      දැන් දාන්නෙ නෑ
      ජය!

      Delete
  3. පුදසුනට ගිනි ඇවුලුනොත් ..... ගිනි නිවනවා බොරු....

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි නිවාගත්තොත් තමයි සැනසීම...
      ජයවේ නිහිංසා!

      Delete
  4. පුදසුනක නිසළ බව හදවතට දැනුනේ නැත්නම් ගිණී අවිලුනාම මොකද ඉතින්..

    ReplyDelete
    Replies
    1. එහෙම කියලත් බෑනෙ දිනේෂ්...
      ජය!

      Delete