Wednesday, June 10, 2015

පහන් වැට


පහන් වැටේ බොහෝ පහන්
අඩක් දැවී නිවී ගිහින්
තවත් පහන් බොහෝ තිබේ
දැවි දැවී නිවි නිවී

අත් පටලා විත් යුවළක්
ආදරයෙන් තැබු පහනක්
නොසිතූ සුළඟක මැදිවී
නිවී ගියා දල්වා සැණෙකින්

පා පැකිලෙන මහලු අයෙක්
දුබල අතින් තැබු පහනක්
සිත් තැනුමට සේ දැල්වී
නිවී ගියා තවත් මොහොතකින්



14 comments:

  1. Replies
    1. ජීවිතේ..
      එක්වීමට තුති කිචී
      ජය!

      Delete
  2. කොයි දේත් සදාකාලික නෑ..

    ReplyDelete
    Replies
    1. දැල්වූ පහනක් වගේ
      හැමදාම ඇවිත් අදහස් දැක්වූමට තුති දිනේෂ්
      ජය!

      Delete
  3. දැල්වූ පහන් දැල්වී තිබේවා!

    ReplyDelete
    Replies
    1. නොදැල්වූ පහන් දල්වනු ලැබේවා!
      ජය වේ මධුමාධවී!

      Delete
  4. සදාකාලික පැතුම්
    එක්කරන් හදවතින්
    කුමට දල්වමුද අපි
    නිවී යන මැටි පහන්

    ReplyDelete
    Replies
    1. නිවී යන මැටි පහන්
      නිවී ගිය මැටි පහන්
      තුළින් දැක අනියත
      දැල්වීම මැනවිය සිත් පහන්

      ජයවේ මිත්‍ර!

      Delete
    2. නිහඬවම දැල්වෙනා
      මැටි පහනක තිබෙන පැතුමන්
      දනී නම් සුලඟ නුඹ
      හමාවිද මැටි පහන් සිබ

      Delete
    3. සුළඟ මම හමන්නට බියෙමි
      නිවේ යැයි සිත් පහන්
      ඉඳින් නොහමා සිටිමි....

      Delete
    4. මැනවි.....

      Delete
  5. තවත් කොහෙන් හෝ පහන් දැල්වේවි.. ජය

    ReplyDelete
    Replies
    1. සුභවාදී අදහසක්
      ජයවේවා දේශක!

      Delete