Tuesday, May 26, 2015

ආශා මාරුත


ආශා මාරුත ඉඳුරු සිදුරකින්
රහසේ ඇදිලා රල නංවන කල
සිත් වෑ බැම්මේ වදිනු නොදී
මා ගුරු හිමියන් සිත රුව තුළ වී
මසිත රකී රළ පනාව වී

වැලි මළුවේ මා තැබු පියවර මත
කෙනෙකු පියවරක් තබා තිබෙනු ඇත
ගුරු හිමියන් නිති වඳිනා දෑතට
මේ පෙම්පත අරගන්නේ කෙලෙසද

බුදු පුදසුන මත මා පිදු මල් ළඟ
කෙනෙකු මල් මිටක් පුදා තිබෙනු ඇත
පළඟැටියෙකු ළංවන විට පහනට
පහන වැසෙයි ගුරු හිමියන් දෑතට

8 comments:

  1. Replies
    1. සහ ගෞරවය
      ජය කිචී!

      Delete
  2. බොහොම අර්ථවත්. පළඟැටි කතාව නොවෙන්න කෙනෙකුට වෙනත් අදහසකින් බලන්නත් බැරිකමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධවී
      බලන විදිය අනුව අර්ථ වෙනස් වෙනවා
      ජය !

      Delete
  3. බොහොම සියුම්ව අකුරු කරලා.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්
      ඔබට ජය!

      Delete
  4. පළඟැටියෙකු ළංවන විට පහනට
    පහන වැසෙයි ගුරු හිමියන් දෑතට

    පහන රකිනු බැහැ
    ගුරු හිමි හට හැම දින
    මහණ කරනු මැන
    හද බුදු හිමි ළග


    ReplyDelete