Thursday, May 7, 2015

එකම එක පෙම් ගීතයක්


දහසකුත් එකක් වූ
විරහ ගී ඇසෙනවා
එකම එක පෙම්
ගීතයක් අසන්නට හිතෙනවා

මතකයේ පවුරට නැගී
අතීතය දෙස බලන්නෙමි මා
නුඹේ ඇස් මට පෙනෙනවා
ප්‍රේම ගීයක් ඇසෙනවා

සිහිනයෙන් මොහොතක් මිදී
මහ පොළව දෙස බලන්නෙමි මා
මගේ ඇස් මට පෙනෙනවා
විරහ ගීයක් ඇසෙනවා

12 comments:

  1. නුඹේ දෑසට මගේ දෑසින්
    ප්‍රේම ගීයක් පෙනේ නම්
    නුඹේ දෑසේ ප්‍රතිබිම්බයක්
    නොවෙද එය මට කියාපන්

    ReplyDelete
    Replies
    1. දකින්නට නුඹේ දෑසම
      හිත ඇතත් වෙර නෑ
      නගින්නට
      අතීතයෙ මහ පවුරට
      - මං දුක්බර වර්ණ -

      Delete
    2. කොහොම හරි නගින්න දෙන්නම එකට පනින්න හරි පුලුවන්නේ

      Delete
    3. ඉනිමගක් හොයාගත්ත නම් හරි..

      Delete
  2. නියමයි වර්ණ................. මුල් කොටසේ අන්තිම හරිය ටිකක් වෙනස් වුණානම් කියලා හිතුණා....

    ReplyDelete
    Replies
    1. අතීතයේ ආදරය මතක් කරන්න හිතෙනවා කියන එකයි මම ඒකෙන් අදහස් කළේ
      ඒත් ටිකක් වෙනස් වුණා නම් හොඳයි වගේ
      ස්තූතියි ගී පවුර
      ජය!

      Delete
  3. නිර්මානය හා පිනතුරය ලස්සනයි ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි
      පින්තූරය අන්තර්ජලයෙන් කවිය හා එක් කිරීම මගෙ
      ජයවේ නිහිංසා!

      Delete
  4. ලස්සනයි මචෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්
      නිරන්තරයෙන් එක්වන ඔබට ජය!

      Delete