Wednesday, May 6, 2015

අමතනු මා ළබැඳී



නුඹටත් දවසක දැණුනොත් විරහව
දුක දිය වූ කඳුළක් වැටුණොත් බිම
අමතනු මා ළබැඳී
නුඹට කියන්නට කවියක් ලීවෙමි
මා හැර ගිය ළබැඳී

නිසල දියට බට කැබිලිත්තක් සේ
සිත තුළ මතකය රිදුමක් වේ
එවන් මතකයක් මතුවූ දිනයෙක
අමතනු මා ළබැඳී

සඳ එළියක් නැති රෑ අහසක් සේ
අතීතයම ඝන අඳුරක් වේ
අතීතයේ අප සිහිවූ දවසක
අමතනු මා ළබැඳී

13 comments:

  1. මිල්ටන්ගෙ සින්දුවක් වගේ (මං කිව්වෙ අදහස සහ වචන ටික).

    ReplyDelete
    Replies
    1. මොකක්ද සින්දුව?
      ජයවේවා

      Delete
    2. එකක් කියලා නෑ. සේරම වගේ විරහ ගීතනෙ.

      Delete
    3. ස්තූතියි!
      ජයවේවා රසසරණිය!

      Delete
  2. මාධවී හරි...... වර්ණ මේක සින්දුවක පද වලට අගේට ගැලපෙනවා..... නියමයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගී පවුර
      ජය!

      Delete
  3. කිසිදා නොවැටෙන කදුලක සිරවී
    නුඹගේ සෙනෙහස රැදේවි නම්
    නුඹ පිදු සෙනෙහස නොමියෙන හද තුළ
    විරහව කිසිදින නොඒවි නම්
    ගෙවෙන කල්පයේ මේ ගණදුර මැද
    අතීතයේ තරු දිලේවි නම්
    මතකය සැමදා නුඹ අමතන වග
    නුඹට කියන්නේ කෙලෙසක මං


    mail එකක් දැම්මා බලන්න

    ReplyDelete
    Replies
    1. කවියටත් වැඩිය කොමෙන්ට් කවිය ලස්සනයි
      ස්තූතියි
      ජය!
      මේල් එක ඇවිත් නෑ
      warnakulakaya@gmail.com මේකට නේද දැම්මෙ?
      ජය!

      Delete
    2. කවියය පැටලුණු ආදර වදනක්
      හදවත පිරිමැද කියාවි නම්
      අතීතයේ සුළඟක් ඇස හැරලා
      හිත රිදවා යළි හමාවි නම්
      කුමක් කරන්නද පෑරුණු හදවත
      නොවැටෙන කඳුළුත් වැටේවි නම්

      Delete
    3. හ්ම්ම් නැ කිවුවට කදුලු වැටෙනවා තමා වර්ණ

      Delete
    4. හිත ගොඩක් රිදුණාම ඇස් තද කරන් හිටියත් කඳුළු වැටෙනවා.

      Delete
  4. mail එක ආයෙත් එව්වා ඇවිත්ද බලන්න

    ReplyDelete