Sunday, May 24, 2015

අවිහිංසක අඳුර


සාප නොකරන් මිනිසුනේ
ගනඳුරට
සඳ පැමිණ ගියදාට
මා නොවෙයි පැමිණියේ
සඳයි නුඹ හැරගියේ
විඩාවට සිසිලක්ව
නෙතු අතර ඇඳුණාට
සිහිනයක් නපුරු වී
ඒ නෙත් හැඬවූවාට
සාප නොකරන්
නිදි ලොවක සිසිල දුන්
ගනඳුරට
සඳ පැමිණ හිරු පැමිණ
මොහොතකින් වෙන්වුවද
සදාකල් නුඹ අසල
තනි රැක්ක අඳුර මම


4 comments:

  1. දමා නොගියට ළඟම හිටියට තාම දැකගන්න බැරි වුනා නුඹව

    ReplyDelete
    Replies
    1. ආදරෙන් ඇස් පියා බලනු මැන මම ළඟමය නුඹ

      Delete
  2. එළියක් නැත්නම් අඳුරක් නෑ. අඳුරක් නැත්නම් එළියක් නෑ. වෙරි ගුඩ්.

    ReplyDelete
    Replies
    1. දෙකම නැත්තම් වැඩකුත් නෑ
      ජය!

      Delete