Sunday, May 31, 2015

විරහවත් ප්‍රේමයත්


බියේ නම් මිනිසුනේ
විරහවට
නොනගන්න අවලාද
ප්‍රේමයට
මලක් ගතු කියයි නම්
බඹරිඳුට
ඔය තුඩග හලාහල විෂක් යැයි
බඹරින්දු දොස් නගයි නම්
කැකුලකට
නුඹෙ සුවඳ උමතුවට මගක් යැයි
ලැබේවිද ලෝකයට
මී පැණෙහි රසයක්
තිබේවිද අරුතක්
ප්‍රේමයට

8 comments:

  1. දෙපාර්ශවීය ගතු කීම

    ReplyDelete
    Replies
    1. විරහවට ප්‍රේමයට

      Delete
  2. ප්‍රේමයට බොහෝ අරුත් ඇත..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දිනේශ්

      Delete
  3. Replies
    1. යූ වෙල්කම් මිත්‍ර

      Delete
  4. එළස්! ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා.
    මී පැණි පවතිනවනෙ කල්ප කාලයක්.
    බඹරුන්ගෙන් ලැබෙන්නෙ බඹර පැණි නේද?

    ReplyDelete
    Replies
    1. බඹරුන්ගෙන් ලැබෙන්නෙ බඹර පැණි නේද?
      ඇත්තමයි මාධවී..... මට ඕක මතක් උනේ නැනේ


      මිත්‍ර වර්ණ

      Delete