Thursday, May 21, 2015

මලක් හෝ සඳක් හෝ නොවන්නෙමි


මලක් හෝ සඳක් හෝ
නොවන්නෙමි කිසිත් හෝ
අදක් හෝ හෙටක් නැති
ලඳක් වෙමි ගෙයක් නැති

බමන බඹරෙකු ඇවිත් කී විට
මලක් වනු තී මෙතැන් සිට
මලක් වන්නෙමි මා සැණින්
සැබෑ සුවඳක් නොමැති නම්
මලක් වන්නේ කෙලෙස මං

නිශාචරයෙකු පැමිණ කී විට
සඳක් වනු තී මෙතැන් සිට
සඳක් වන්නෙමි ඒ සැණින්
නමුත් එළියක් නොමැති නම්
සඳක් වන්නේ කොහොම මං
පින්තූරය මෙතැනින්

10 comments:

  1. අදනම් සුපිරියි! නියමෙට ගලපලා තියෙනවා. අන්න එහෙම කල් වේලා අරං පිළිවෙලකට දාමු මලයා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසසරණිය
      ඔබට ජය!

      Delete
  2. රුව හැඩයි නම්
    පෙති සැලෙයි නම්
    බමන මධුයෙන් පිරී ඇත්නම්
    සුවද නොපතයි
    බමන බඹරෙකු

    සීත සළුවෙන්
    ගත වෙලයි නම්
    ලොවට රහසින්
    ළග හිදී නම්
    කුමට එලියක්
    නිශාචරයෙකුට

    ReplyDelete
    Replies
    1. මලක හදවත නොදුටු බඹරෙකු
      රුව විඳී රොන් බමන මත වැද
      ඔහු දනී නම් හෙටක් නැති වග
      මලට මොහොතක් පෙම් කරනු ඇත

      Delete
  3. හැමදාම කියනවා වගේ වර්ණගේ කවි ඉතින් සුන්දරයිනේ .............. මේකත් සුන්දරයි වර්ණ

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ගී පවුර
      ඔබ මුල සිටම දුන්, දෙන සහයෝගය අමතක නොකරමි
      ජය!

      Delete
  4. කවුරුවත් කීවාට කවුරුවත් වනු කෝම ?

    ReplyDelete
    Replies
    1. අසරණ නිසා වෙන්නැති...
      ජය කිචී!

      Delete
  5. උඹේ කවි නම් නියමයි හැමදාම වගේ..

    නරකද කතාවක් ලියන්න එහෙම ට්‍රයි කලොත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්
      මම වන් සීරෝ සීරෝ එකට නම් කතා ලීවා
      කතා ලියවන්න කියවන්න ටිකක් කම්මැලියි වගේ
      ඒත් උත්සාහ කරල බලන්නනම්කො
      ජය!

      Delete