Tuesday, May 19, 2015

අයැදුම


දළදා හාමුදුරුවනේ
දැකුම් ගෙනෙන්නට පිරිවර මට නැහැ
එහෙයින් මම තනියම එන්නා
උඩු මහලට එන්නට
මට පින් නැතුවා
පොරොන්දු මම කැඩුවා හින්දා
දවසක මේ පවු සමා කරන්නට
කසා වතක මා ගත රන්දා
එනතුරු මා හට සමාව දෙනු මැන
සසරෙහි මා කළ පවු හින්දා

පින්තූරය මෙතැනින්

9 comments:

  1. මිත්‍ර වර්ණගෙන්...

    ReplyDelete
  2. ඔතනටම යන්න ඕනි නෑ. ඔය තියෙන්නෙ නිසැක ඒවා හැම තැනම. කෙටියි! රහයි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත
      මිත්‍ර වර්ණ වෙනුවෙන් තුති
      ජයවේ රසසරණි!

      Delete
  3. තනිව ඉපිද
    කතර සසර
    නිතර විඳවමි
    තනිව මියන
    නිතර පතන
    නිවන සිහිනෙකී

    ReplyDelete
    Replies
    1. විඳිම හරසර
      යුගළ පදයක
      දුකක් නොසිතමි
      උරුම වු කල
      අරුත තනිකම
      නාම පදයක

      ජයවේ කිචී!

      Delete