Monday, May 18, 2015

මගේ අම්මා වාසනාවකි


මගේ අම්මා වාසනාවකි
තාත්තා මට වාසනාවකි
දෙවැනි බුදු පදවියේ
අගය නොදකින ලෝකයේ
මගේ අම්මා වාසනාවකි
තාත්තා මට වාසනාවකි

හඬද්දී කිරි බිඳක් ඉල්ලා
බිළිඳු තනිකර වීදියේ
සැඟව යන නිර්දය මවුන්
හිඳින්නා වූ ලෝකයේ
මගේ අම්මා වාසනාවකි

හඬද්දී පිළිසරණ ඉල්ලා
ලෙයින් ඉපැදුණු දියණියත්
කෙලෙසනා නරුමැති සිතින්
පියවරුන් ඇති ලෝකයේ
තාත්තා මට වාසනාවකි

11 comments:

  1. සරලයි. සුගමයි.
    මව්/පිය පදවිවල අරුමය තේරෙන්නෙ එතනට පත්වුණාමයි.

    ReplyDelete
    Replies
    1. ජයෙන් ජයවේවා මධු!

      Delete
  2. ජීවිතය කියන වාහනයේ හෙඩ් ලයිට් දෙක දෙමාපියෝ

    ReplyDelete
    Replies
    1. නිදසුන සරලයි හැබැයි ඉතා ගැඹුරුයි
      ඔබේ එක්වීම සතුටක්
      ජයවේ කිචී!

      Delete
  3. මහ මෙරක් දරා හුන්
    මිටියා‍වතේ වැලි කැටය ඈ
    කිසි දිනක නොසෙල්වුන
    පන්සලේ මුර ගලයි ඔහු

    මගේ අම්මා වාසනාවකි
    තාත්තා මට වාසනාවකි

    ReplyDelete
    Replies
    1. කඳුළු සයුරේ පිපී හිනැහෙන
      නිලුපුලයි ඈ
      දුක් කතර මැද සෙවණ සෑදූ
      තුරු හිසයි ඔහු

      මගේ අම්මා වාසනාවකි
      තාත්තා මට වාසනාවකි

      Delete
    2. ජයවේ මිත්‍ර

      Delete
  4. ලස්සනයි වර්ණ...................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගී පවුර
      ජය ඔබට!

      Delete
  5. සැබෑ කවි සිත්තරෙකි ඔබ.. ඡය ඔබට.........

    ReplyDelete
    Replies
    1. ස්තූතිය
      ජයවේ කසුන්!

      Delete