Wednesday, May 13, 2015

නික්මන


නික්මන

මෝදු වන වෙසක් සඳ
විඳිය හැකි නම්
එකම මොහොතක
එකම විලසට
කුමකටද දෙදෙනෙකු
එකෙකු පමණක් සෑහේවි
මෙලොවට

සත් මහල් මතුයෙහි
සිට හඟින සොඳුරු බව
බොහෝ සේ දුර වැඩී
කටුක වූ මහමගට

ඇති සැටිය මෙයම නම්
සසර බැමි මෙලෙස නම්
ඉතින් හැර යනු මිසක
තවත් රන්දනු කුමට

12 comments:

  1. Replies
    1. මිත්‍ර වර්ණ වෙනුවෙන් ස්තූතියි
      ජයවේ ගී පවුර

      Delete
  2. ඉතා ධනවත් බලසම්පන්න කැරින්ටන් පවුලෙන් (ඩිනාස්ටි සෝප් ඔපෙරාව) විවාහාපේක්ෂිත වූ යෞවනයාගේ අඬහැරය!
    ලස්සන පද ගැලපුමක්!

    ReplyDelete
    Replies
    1. මිත්‍ර වර්ණ වෙනුවෙන් ස්තූතියි
      රසසරණියට ජය!

      Delete
  3. ලස්සනයි මචෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර වර්ණ වෙනුවෙන්
      ජයවේ දිනේෂ්!

      Delete
  4. වෙසක් සඳ වුණත්
    එක එක නිවෙස් තෝරා
    වෙන් වෙන්ව පායන හැටි...
    දීප්තියෙන් බිඳක්
    ණයට වත් නොදෙයි
    මැටි පහනක ට වඩා දෙයක්...??

    ReplyDelete
    Replies
    1. මේක මිනි කවියට දාන්න නියමයි
      ජයවේ මහේෂ්!

      Delete
  5. මහ මග රැඳුනු සකියනි
    නගිව් දිනෙක් මහල් මතට
    දකිව් සඳක් මහමගට වෙනස්
    සිතව් වෙනස් දැයි සැබෑට
    නෑ මේ අර ඒ සඳමයි

    මහල් කඩා බිඳ නොදමව්
    සුවිසල් මිනිසුන්ම වෙයව්
    විසල් දෙයක් හෙටට කරව්
    සඳ දෙරෙකඩ ඇරල බලව්

    ReplyDelete
    Replies
    1. මෝදු වන සඳ
      මහල් මතුයෙහි
      මවයි සෙවණැලි
      බිතක කටුමැටි

      ජයවේ කිචී!

      Delete
  6. පිදුම

    නිහඩවම ගිලිහි ගිය
    කදුලකට
    වර්ණ ගන්වා
    දිලෙන්නට ඉඩ හසර මවා දුන්
    වර්ණට


    මිත්‍ර වර්ණ

    ReplyDelete
    Replies
    1. කවියට හැකි නම්
      කඳුළක් විඳින්නට
      කවියකට හැකි නම්
      කඳුළක් සිනහවක් කරන්නට

      ජයවේ මිත්‍ර!

      Delete