Monday, May 11, 2015

එවන් වූ දිනයෙක තමයි නුඹ වෙනස් වූයේ


සුසුම් රැලි නැඟි දිනය මතකද
කදුළු වැසි වට දිනය මතකද
එවන් වූ දිනයෙක තමයි
නුඹ වෙනස් වූයේ

සුසුම් රැලි අතොරක් නොවී
නැගුණු බිහිසුණු දිනය මතක
මද පවන මාරුතය වී
එදින නුඹ ගෙන ඉගිලුණා

කදුළු බිඳු නිවනක් නොවී
වැටුණු දුක්බර දිනය මතකද
දිය දහර සැඩ පහර වී
එදින නුඹ ගෙන කිමිදුණා

14 comments:

  1. අදහස්, තාල ගැන අවුලක් ඇත්තෙම නෑ, ලස්සනයි!
    පෝස්ට් එකකට පස්සෙ දවස් 2-3ක බ්‍රේක් එකක් තියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්ම
      අටම්පහුරත් ඔය ගැන කීවා
      කොහෙද මට නිදහස් ආවොත් ලියන්න හිතෙනවා
      ලීවොත් පින්තූරයක් හදන්න හිතෙනවා
      හැදුවාම පෝස්ට් කරන්න හිතෙනවා
      ඊළඟ ඉඳන් දවස් 2 කට සැරයක් දාන්නම්
      අදහසට ස්තූතියි
      රසරසණියයට ජය!

      Delete
    2. මෙහෙම කරන්න.
      පෝස්ට් එක හදලා සේව් කරලා තියන්න ඩ්‍රාෆ්ට් එකක් විදිහට. පුලුවන්නම් ෂෙඩූල් කරන්න ඉදිරි දින දාලා. ඔබට යමක් ලියන්න වෙලාව නොලැබෙන කාලෙත් පෝස්ට් පබ්ලිෂ් වෙනවා එතකොට. මමත් කරන්නෙ ඒක.

      Delete
    3. ඒ වැඩේ හොඳයි
      උපදෙසට ස්තුතියි
      ජයවේ රසසරණි!

      Delete
  2. නුඹ වෙනස් උනේ ඇයි ...? කියල නම් තේරෙන්නේ නෑ.....
    නිර්මාණය ලස්සනයි..... අත්දැකීම් නිරුපනය වේගවත්.......
    දවස් දෙකකට සැරයක් post එක දාන්න මඩු කිව්වා වගේ..... වැඩි කාලයක් අනෙක් යටත් රස විදින්න ඉඩ දෙන්න. වර්ණ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහිංසා
      ඊළඟ ඉඳන් දවස් දෙකකට සැරයක් දාන්නම්
      හදලා ඩ්‍රාෆ්ට් කරල තියාගන්නවා
      ඔබට සැමදා ජය!

      Delete
  3. යන්න ගිය නුඹ මතක් කරගෙන තාම වැහි බිඳු වැටෙනවා
    ඉන්න තැන නැවතිලා මම වෙච්ච දේ ගැන හිතනවා
    එන්න හැදුවට දෙපා පැටලී ඉන්න තැන ඇද වැටෙනවා
    වෙන්න කිසි දුක එපා නුඹ හට හිනා මල් තව පිපෙනනවා

    ReplyDelete
    Replies
    1. ලස්සනයි
      ජයවේ මගේ කිචී

      Delete
  4. හැමු සුසුම් රැලි පා වී ගියා
    වට කදුලු වැසි දිය මුහු වුනා
    නිහඩ අයැදුම පසෙක ලා
    නුඹ මගෙ ලොවින් ඉගිලී ගියා


    නුඹෙ සෙනෙහෙ බොරුවක් නොවේ
    ගියත් තරහක් සිත නොවේ
    නමුදු නුඹ ඇයි දුර ගියේ
    සිත තවම නෙදනී කුමරුනේ

    ReplyDelete
    Replies
    1. සුළඟ විලසින් කිමද කුමරුනි
      මගෙන් වෙන්වී දුර ගියේ
      වැස්ස විලසින් වැටෙන කඳුළැලි
      නුඹට නෙපෙනෙයි කුමරුනේ

      Delete
    2. වට අකල් වැසි දැක දැකත්
      අකම්පිත නෙත් අයා හුන්
      නුඹෙ සෙනෙහස පතා
      තාම වට වැසි කදුලුමැයි

      Delete
    3. වස්සානයත් කඳුළුම
      හෙලයි නම් හිමියනේ
      මං කෙලෙස තනියෙන්ම
      මෙරක් දුක විඳින්නේ

      Delete
  5. ලස්සණයි වර්ණ....
    අපූරු කවියක්...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්
      නිතර එක්වන ඔබේ අදහස් මා බොහෝ දිරිගන්වනවා
      ජයවේ ඔබටත්!

      Delete