Sunday, May 10, 2015

නපුරු ස‍ඳේ නුබ.........


හිරුට හොරන් හිරු කිරණ සොරාගෙන
මගේ කියා මුළු ලොව‍ට බෙදා
මේ ලොව සරනා නෙත් සිත් රවටා
කිම කිවිදුන් ලොව කිරුළු දරා
සඳ කිරණ නොවැටෙනා අදුරු
ලොවක  නුඹ
පුංචි සාවියක් සිර කරලා
සුන්දර සොදුරැති දසුන් මවා පා
අන්සතු ලොව සොරකම් කරනා
තරු නෙත් හඞනා පිනි කදුලට සැඟවී
සැඩ රැස් සොමි කිරණකට පෙරා
ගුවන අරා තරු එළිය මකාලන
ගුණමකු සඳ නුඹ එන්නඑපා

8 comments:

  1. සිසිල යැයි කියූ
    සොමි ගුණම සෙවූ
    මගේ සඳ මට එරෙහි වී නම්....

    මිත්‍ර වර්ණට ජය!

    ReplyDelete
  2. ජිවිතයට සමීප අත්දැකීමක්......
    නිර්මාණය සාර්ථකයි...... දරුවෝ......

    ReplyDelete
    Replies
    1. මිත්‍ර වර්ණ වෙනුවෙන් ස්තූතියි
      සැමදා ජය ඔබට

      Delete
  3. //මගේ කියා මුළු ලොව‍ට බෙදා// මෙතන මොකක්ද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. යකෝ මාධවීට ඔ්ක තේරෙන්නැද්ද.....??

      මෙන්න මං හදපු කෑමක් කිය කිය ලෝකෙට ම බෙදන ඒක බං....... හැක්......

      Delete
  4. tanx warna

    මිත්‍ර වර්ණ

    ReplyDelete
    Replies
    1. මිත්‍ර වර්ණ කවියෙන්ම කොමෙන්ටුවක් එක් කළොත් වටී
      ඔබට ජය!

      Delete