Monday, May 4, 2015

නුඹේ නිකැලැල් පෙම් හැඟුම්


ආදරය සිතට දැනෙනා උතුම් වූ හැඟුමක්
නුඹේ සිත ඒ බව ලියූ දයාබර කවියක්

සයුර බිඳ මතුවූ රක්ත හිරු වෙමි
නුඹය ලා පැහැ පිපි කුසුම්
චණ්ඩ තාපය නිවන්නේ
නුඹේ සිහිලැල් මුදු සුසුම්

සයුරු දිය කිමිදී මියන හිරු වෙමි
නුඹය රත් පෑ පිපි කුසුම්
හෙටක් ගැන සිත තන්නේ
නුඹේ නිකැලැල් පෙම් හැඟුම්

11 comments:

  1. උදේ පිපෙන මල්
    හවස පිපෙන මල්
    වර්ණ නෙලන මල්
    ගෙනයමු පන්සල්

    ReplyDelete
    Replies
    1. කෝ කූඩයක් ගෙනාවද?
      ජයවේ රසසරණි

      Delete
  2. ආදරය සිතට දැනෙනා උතුම් වූ හැඟුමක්
    ඉකි ගසන හඳවතට මෙයම වෙයි බොරුවක්

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවක් එනකම් බලන් හිටියේ

      උතුම් වූ හැඟීමම බොරුවකට පෙරළි විට
      දැනෙන විරහව වේදනාවක්

      ජයවේවා!

      Delete
    2. කොමෙන්ටු නම් වැටෙනව ඒත් වර්ණගෙ කවි තරම් ඒවා පරක්කු නැ.

      Delete
    3. වැඩ වැඩි දවස්වලට ලියන්න ටිකක් පරක්කු වෙනවා තමයි
      ඒත් පුළුවන් ඉක්මනට කවි දානවා
      පරක්කු වීම ගැන කනගාටුව
      ජයවේවා!

      Delete
    4. මීට කලින් කවියක් දැම්මා
      පුළුවන් නම් ඒකත් කියවලා අදහසක් දෙන්න
      ආ මම මේල් එකත් දැම්මා
      warnakulakaya@gmail.com
      ජයවේවා!

      Delete
  3. Replies
    1. බොහොමත්ම ස්තූතියි
      ජය වේ ගී පවුර!

      Delete
  4. Replies
    1. ස්තූතියි දිනේෂ්
      ජය!

      Delete