Thursday, April 9, 2015

කවියකට පුළුවන්ද

කවියකට පුළුවන්ද
පෙම් සිතක් සුවපත් කරන්නට
කවියෙකුත් මහමෙරක් මත හිඳ
පෙම් වියෝවෙන් හඬන විට

අවැසි අකුරුම මිටට අරගෙන
ඇසෙනවද ඈ පිය මනින හඬ
අකුරු හිමිනැති
කවියකට පුළුවන්ද
පෙම් සිතක් සුවපත් කරන්නට

සොඳුරු රිද්මය බිම හෙලාගෙන
පෙනෙනවද ඈ දිවෙන මානය
රිද්මයක් නැති
කවියකට පුළුවන්ද
පෙම් සිතක් සුවපත් කරන්නට

14 comments:

  1. ඔන්න මල්ලි දැන්නම් අප්ඩේට් වෙනවා

    ReplyDelete
    Replies
    1. හරි අයියේ ස්තූතියි

      Delete
  2. කවියකට පුළුවන් බොහොම දේවල් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ් ජයවේවා

      Delete
  3. කවියකට සුවපත් කිරීම කෙසේ වෙතත් වේදනාව අඩුකරන්නනම් පුලුවං ඇති. ඒ කියන්නෙ පේන් කිලර් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි රසසරණිය
      ජයවේවා...

      Delete
  4. කවියකට බැරි දෙයක් නැහැ මචං....

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්
      ජයවේවා

      Delete
  5. හැකිනම් කවියකට
    තනුව ගලපන්ට හදවතේ රිද්මයට
    ලබ් ඩබ් හඬට වැඩියෙන්
    බෝහෝ දේ ඇහෙනවා හදවතට


    සුබම සුබ අලුත් අවුරුද්ධක් වේවා වර්ණ, මං ආයි ඔෆීස් එන්නේ අවුරුදු ඉවර වෙලා ......
    වර්ණගේ post බලන්න වෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩාක්ම
      මමත් ඔෆිස් එන්නෙ 19
      සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  6. කවියකට පුලුවනි බොහෝ දෑ කරන්න... සංවේදී මිනිසුන්ට

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම
      ජයවේවා මහේෂ්

      Delete
  7. ඇයි blog එක පාලු

    ReplyDelete
    Replies
    1. ඔයා ආවද?
      සුභ අලුත් අවුරුද්දක් වේවා

      තවම හැදුවෙ නෑ හදපුගමන් දාන්නම්කෝ
      ජයවේවා!

      Delete