Wednesday, April 8, 2015

සබඳ සිනහව


කොහේ දෝ හිඳ ඇවිත්
නොදන්නා කෙනෙකු ළඟ
සබඳ සිනහව නුඹ යළිත්
ඇයි මෙසේ මුව අගට වී

සිනහවේ වරද හඳුනමි
සිනහවේ වරදින්
ලැබෙන දඬුවම පවා හඳුනමි
දැනදැනම එය ඇයි මෙසේ
සබඳ සිනහව මුව අගට වී

මිරිඟුවේ සිරිය හඳුනමි
මිරිඟුවේ සිරියෙන්
නැඟෙන කඳුළුද හොඳින් හඳුනමි
දැනදැනම එය ඇයි මෙසේ
සබඳ සිනහව මුව අගට වී

5 comments:

  1. කිමද මේ පරන වැකි
    අලුත් විලසට ලියන්

    ReplyDelete
    Replies
    1. දැනුවත් කළාට ස්තූතියි
      මට මේක දම්මා කියලා අමතක වුණා....

      Delete
  2. Replies
    1. මධුගෙ කවිත් ලස්සනයි

      Delete
    2. ස්තූතියි රස සරණිය

      Delete