Tuesday, April 7, 2015

නුඹ ළඟ නැති විරාමයක


නුඹ ළඟ නැති විරාමයක
ඇය මා හා සිනාසුනා
සඳ නැති දා රාත්‍රියක
තරුවක් ලෙස මට පෙනුණා

මල් අතරේ කෙතරම් මල්
පිපුණත් සුවඳින් මනරම්
නුඹ හැර වෙන කොහිද මලක්
මට සුවඳින් අගතැන්පත්

හමුවී ඇය යම් දවසක
කෙනෙකුට සඳවතිය වේවි
ඒ නෙතු ළඟ නුඹෙ සිනහව
සඳ නැති රැය තරුව වේවි

6 comments:

  1. නුඹ හැර වෙන කොහිද මලක්
    මට සුවඳින් අගතැන්පත්


    මීට සදා තනිකඩ වර්ණ

    ReplyDelete
    Replies
    1. මේ කවියෙන් කියවෙනවද මම තනිකඩයි කියලා...?

      Delete
    2. හපෝ නෑ JUST A JOKE

      Delete
    3. ඒක මිසක්...
      කවි කමෙන්ට එකක් දෙන්නැද්ද?

      Delete
  2. //මල් අතරේ කෙතරම් මල්
    පිපුණත් සුවඳින් මනරම්
    නුඹ හැර වෙන කොහිද මලක්
    මට සුවඳින් අගතැන්පත්//\
    ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතිියි දිලිනි

      Delete