Friday, May 1, 2015

හඬා වැලපෙයි පටාචාරා

මලක් සඟවා පපුතුරේ
මිලින වී ගිය මලක් සඟවා
හඬා වැලපෙයි පටාචාරා

අකල් සුළඟට සැලෙන මල් මැද
ලොවට නම් මේ
එකෝමත් එක මලක් විතරයි
හඬා වැලපෙන පටචාරා

මලක් පුබුදනු පිණිස වෙහෙසී
හඬා වැටුණත්
මලක් නොපිපෙන ගසුත් ලොව ඇත
හඬා වැලපෙන පටචාරා

6 comments:

  1. මලක් දෙකක් නොව
    මල් ගහම පරවී ගිය
    ගසක මුල නොවෙද
    පටාචාරා...

    ReplyDelete
    Replies
    1. එවන් මල් දැක
      සිහිකරන් අනියත
      තවත් නොහඬා
      පටාචාරා...

      Delete
  2. කටු වලට දෙතොල් තබා මලක් නැති ගසේ
    සිඹිමි ඒකම හාදුවයි සොදුර ඒ මගේ

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි රූපේ!
      ජය

      Delete