Monday, April 6, 2015

අහිංසක කවියක්



අහිංසක කවියක්
ලියා තැබුවෙමි
ඔබේ දොරකඩ පාමුලින්
ඔබට වැටහෙනු පිණිස සෙනෙහස
අහිංසක කවියක්

සිත නිමග්නව සිටිය වරුවක
ඔබ ගැනම කල්පනාවේ
ලියූ කවියකි ඔය තියෙන්නේ
දූලි පිසදා බලනු මිහිරිය

සුළඟ ගෙන යනු නොදී එය මත
ගලක් කර මා තැබූ ඒ
මගේ හදවත ඔය තියෙන්නේ
දූලි පිසදා බලනු සොඳුරිය


10 comments:

  1. නුඹ ලියු කවියට අරුත් දෙන්නට
    ඉකිලනා හදකට නොහැකිනම්
    සුළඟ සමඟින් පාව යවනෙමි
    කව උරුම දොර හැරනකම්

    ReplyDelete
    Replies
    1. කවදා කෙදිනක ඒ දොර හැරේවිද?

      බොහොමත්ම ස්තූතිය මිතුර ඔබේ කවි කොමෙන්ටුව මට ගොඩක් වටිනවා

      Delete
  2. වර්ණ blog එක නිතරම update කරන්න, කුණු රසය නැතිව ලියන අහින්සක blog එකක් මේක. වැටෙන්න දෙන්න එපා. තව යාලුවො හොයා ගන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්ම ස්තූතිය
      කවි ලියූ සැණින් දාන්නම්...
      දිගටම මගෙත් එක්ක ඉන්න
      ජයවේවා!....

      Delete
    2. නිහඩ කවි සිත පුරන පෙරුමන්
      තනුවකට මතු ගැලපෙනා
      වසරකට වැඩි කාලයක් බැහැ
      වසත් කාලය සඟවනා

      Delete
    3. වසරකට වැඩි කාලයක් බැහැ
      වසත් කාලය සඟවනා....

      එතකොට එක වසරද මාත් එක්ක ඉන්නේ?....
      කමක් නෑ මම පුළුවන් කාලයක් මේ පැත්තේ එන්නකෝ
      ජයවේවා!

      Delete
  3. මේ දවස් වල මාත් ෆුල් අවුලෙන් හිටියේ cs වලට පාඩම් කලාට ගොඩ ගියේ නැනෙ අප්පා, කොහෙද මං මැට්ටිනේ

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා ආයෙ දාපුවාම හොඳට පාඩම් කරලා ලියන්න...
      ඔයා මැට්ටියක් (ගෑනු ළමයෙක්) කියලා මම දැනුයි දන්නේ..
      ජයවේවා!

      Delete
  4. සොරි මැට්ටියෙක් නෙවී මැටි කියන එකට ට් වැඩියෙන් එකතු වෙලා (මැටියෙක්)

    ReplyDelete
    Replies
    1. ආ... එළ එළ මචන් සොරි...
      ජයවේවා!

      Delete