Monday, March 9, 2015

තේරුම් ගන්නට බැරි නුඹ

තේරුම් ගන්නට බැරි නුඹ
විටකදි අහස වගේ
විටකදි සුළඟ වගේ

සිනා සපිරි සුනිල අහස
වගේ තුටින් ඉන්නවා
නිමේෂයෙන් අඳුරු වෙලා
කඳුළැල් වැහි සලනවා
ඉතින් කොහොම තේරුම් ගන්නද

නිමල කොමළ මද පවනක්
සේ සැනසී ඉන්නවා
සුළු මොහොතින් වියරු වෙලා
සුළි සුළඟක් මවනවා
ඉතින් කොහොම තේරුම් ගන්නද

6 comments:

  1. අරුත කිමදැයි නොදනී නම් නුඹ
    නිහඬ බව මගෙ පවසනා
    මගේ වදනක අරුත් සොයනට
    කිමද මේ හැටි කාරණා

    ReplyDelete
    Replies
    1. ඉගිල ගිය සියොතුන් අතර
      වියැළි ගිය තුරු පත් අතර
      සොයා වෙහෙසුණු මං
      නුඹේ සිත තුළ දැන්
      අරුත සොයනෙමි ආදරේ...

      Delete
  2. අල්තාරයක් මත මෙන්ම
    සුසානය අභියසද
    පහන් දැල්වුවද
    සෑම කල්හිම
    ප්‍රේමයේ අනුහස් රැදේවිද
    බොල් පොලොව සිපගත්
    සුසානය මත

    ReplyDelete
    Replies
    1. ගලා යමි ගඟක් වී
      සැලෙමි පිනි බිඳක් වී
      ආදරේ නාමයෙන්
      යළි වඩිනු සුදත්නී...

      Delete
  3. ගඟක් වී කුමකටද
    මා කතර අතර නම්
    පිනි බිදක් කුමකටද
    මා තඹරු මලක් නම්

    ReplyDelete
    Replies
    1. ගඟක සිසිලස - අවැසි කතරට
      සෙනෙහෙ පිනි බිඳ - අවැසි මලකට
      තඹරුවක් වුව - සෙනෙහෙ නුඹටය

      Delete