Tuesday, March 10, 2015

ප්‍රේමට මට නම් තහනම්

කවි ලියන්න තහනම් නම්
කවි නොලියා ඉන්නම්
ගී ගයන්න තහනම් නම්
ගී නොගයා ඉන්නම්

විහඟුන් සඳ ලුහු බැඳීම
අරුතක් නැති කවි ලිවීම
වරදක් බව දන්නව මං
නමුත් එපා කරන්න නම්
ප්‍රේමට මට නම් තහනම්

බඹරුන් මල් අතැර යාම
විරහෙන් හදවත් තැවීම
වරදක් බව දන්නව මං
නමුත් එපා කරන්න නම්
ප්‍රේමට මට නම් තහනම්

5 comments:

  1. අරුතක් නැති කවි ලිවීම
    වරදක් බව සිතේවිනම්
    අවසර නැත නුඹේ සිතට
    ප්‍රේමෙට දොරගුළු හරින්ට

    ReplyDelete
    Replies
    1. අරුතක් ඇති එක කවියක්
      නුඹේ නමට පුදදෙමි මං
      මතු දවසක නුඹගෙ හිතේ
      මගෙ පෙම් මල පිපේවි නම්

      Delete
  2. පද අරුත කොහි වෙද්ද
    තනුව කෙලෙසක වෙද්ද
    ගැට ගැසෙන අකුරු මිස
    එහි කවක් පබදුනිද

    ReplyDelete
    Replies
    1. ආදරෙන් බලනු මැන
      අකුරු තුළ ඇති අරුත
      තවත් ළං වී බලනු
      හමුවේවි ආදරය

      Delete
    2. සඳ විතරයි රෑ අහසේ තනියට මට ඉන්නේ
      උඹ විතරයි සබරෙ ඇනෝ කොමෙන්ටුවක් දෙන්නේ

      Delete