Thursday, March 12, 2015

කුමට සරදම් කරන්නෙද

කුමට සරදම් කරන්නෙද
ජීවිතේ සරදමක් වූ මට
කුමට දඬුවම් කරන්නෙද
ආදරේ දඬුවමක් වූ මට

විරහ දිය කඳ ළඟම පැමිණේ
එතෙර වී යන මගක් නොපෙනේ
එහෙව් මට රන් බඳුන්වල දා
විරහ රස පැන් පොවනු කුමටද

අඳුරු කටු වැල් ගෙලට සිරවී
තවතවත් සිර කරනු දැනුණී
එහෙව් මට අත ඇඟිලි සොලවා
අඳුරු රූ සිරි මවනු කුමටද

4 comments:

  1. ආදරේ දඬුවමක් නොව එය
    අසීමාන්තික උමතුවක්
    කුමට දඬුවම් කරන්නෙද තව
    අහිමි නුඹ මට දඩුවමක්

    ReplyDelete
    Replies
    1. විරහ දිය කඳ ළඟම පැමිණේ
      එතෙර වී යන මගක් නොපෙනේ....

      Delete
  2. වර්ණ වැඩි වැඩියෙන් ලියන්නේ විරහව එකතුවෙච්ච කවිමයි ...ඒකටත් විශේෂ හේතුවක් ඇති නේ..හ්ම්ම් ...යන්න දෙන්න යන්න දෙන්න ඔය විරහව පිරිච්ච මතකයට යන්න දෙන්න ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා හංසියෝ කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙ නැත්තම්?....

      Delete