Thursday, March 5, 2015

මගේ වසත් සඳමද මේ

දණින් වැටී වැඳ සමුගෙන
නික්මී ගිය නුඹමද මේ
දෙමාපියන් සිත් නොරිදා
පෙම නිමවූ නුඹමද මේ

කඳුළු සලා නුඹ ගෙන ගිය
මගේ වසත් සඳමද මේ
අඳුර අරා අවන්හලක
ගිනිගෙන ඇවිලෙන්නේ

පිවිතුරු පෙම් ස්වරයෙන් කළ
මගේ ප්‍රේම ගීයද මේ
නිර්දය තොල් අතරට වී
හෙමිහිට මිමිණෙන්නේ

No comments:

Post a Comment