Wednesday, March 4, 2015

සොයාදෙන්න මට

සොයාදෙන්න මට කඳුළක් නොවූ නෙතක්
මට සොයාදෙන්න රිදුමක් නොවූ සිතක්

ඇතිවීමක් නැත නැති වීමක් නැති
සෙනෙහස් අසිරිය සියැසින් දැක ඇති
පෙම්වතුන්ගෙන් පෙම්වතියන්ගෙන්
සොයාදෙන්න මට කඳුළක් නොවූ නෙතක්

එක්වීමක් නැත වෙන්වීමක් නැති
ප්‍රේම රසය සිත සතුටින් විඳ ඇති
පෙම්වතුන්ගෙන් පෙම්වතියන්ගෙන්
සොයාදෙන්න මට රිදුමක් නොවූ සිතක්


2 comments:



  1. නෙත රැදුන
    කදුළු බිඳ
    දිදුලනා බව
    නොදැක
    ලුණු රසය පමණක්ම
    මට දැනුනෙ
    කෙලෙසකද

    ReplyDelete
  2. සිත් මඬල
    බිඳුණු බව
    කිව හැකිද
    තනි කඳුළකට
    -වර්ණ-

    ReplyDelete