Tuesday, March 31, 2015

සිත ඇයිද නුඹ මේ මා දවන්නේ

සිත ඇයිද නුඹ මේ මා දවන්නේ
වෙන්ව ගිය ඈ ගැන සිතන්නේ

සඳ රැඳෙන තුරු අහසේ
අඩුලුහුඩුකම් සොයා දුක් දී
අහස හැර ගිය පසුව ඇයි මේ
සඳේ සොමි ගුණ වයන්නේ

මල් පිපෙන තුරු උයනේ
නරක නුගුණම සොයා දුක් දී
සුවඳ මිලින වු පසුව ඇයි මේ
මලෙහි රැව ගුණ ගයන්නේ

4 comments:

  1. අවර්ණව ගිය වර්ණ කුලකයේ
    දෑස් දල්වා සිටි හැටි දනී නම්
    නොමැත පෙම් කළ නුඹේ හදවතට
    මෙලෙස නුඹ දොස් නගන්නේ





    ReplyDelete
    Replies
    1. වැඩ ටිකක් වැඩි වුණා ඒකයි කවි දාන්න පරක්කු වුණේ

      දොස් නගන්න වෙන වැඩනේ මේ හිත කරන්නේ

      Delete
  2. හපොයි ඔවු වැඩ වැඩි ද නැතිනම් post අතරේ gapඑක වැඩි කලාද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වැඩ වැඩියි
      කවි හදාගන්න පුළුවන් වුණොත් දවසට දෙක තුනක් හරි දානවා...

      Delete