Tuesday, March 3, 2015

සියපතක් පෙති හලනවා

සියපතක් පෙති හලනවා
සුළඟ අත්වැල් බඳිනවා
ජීවිතේ නම් අනියතයි
සියපතක් මට කියනවා

ලාටු තවරා රැලි වැටුණු වත
සේද සුදු හැඳ සියපතක් ගෙන
සුදු හාමිනේ පන්සලට යන මග
බිඳුණු මල් පෙති තියෙනවා....

සුවඳ අතුරා පිදුණු මල් මත
තව්තිසා සිහිනයක් අරගෙන
සුදු හාමිනේ පන්සලෙන් එනවිට
අලුත් සියපත් පිපෙනවා

9 comments:

  1. ලස්සනයි වර්ණ ... මට කලින් ඔයාගේ post පෙන්නුවෙ නැනේ

    මන් හිතුව ලියන එක අතඇරියද කියල

    "සියපතක් පෙති හලනවා
    සුළඟ අත්වැල් බඳිනවා
    ජීවිතේ නම් අනියතයි
    සියපතක් මට කියනවා"

    පෙති ගිලිහි මිලින වුව
    මල් සුවඳ නුඹ අසල

    ReplyDelete
  2. ස්තූතියි ඒත් මම බැලුවා ඇයි ඔයාගෙ අදහස් නැත්තෙ කියලා
    බෙහොම ස්තූතියි
    ජය!

    ReplyDelete
  3. වරණ කුරුටුගෙ blog එකේ ඔයාගෙ කෙමෙන්ටුවේ reply එක ලග මන් කවියක් දැම්මා නිවාඩුවක් තිබ්බොත් බලන්න

    ReplyDelete
    Replies
    1. හරි මම බලන්නම්

      Delete
  4. තිස් තුන් කෝටියක් දෙවියන් සිටින රටේ
    දෙකෝටියක මිනිසුන් කිම මෙලෙස දුකේ
    හදවත් ගිනි අරන් ගිණි කෙළි මවන පැයේ
    මිනිසුන් විසල් පුරයක සිරි මවති ලොවේ

    ඇතුළු නුවර සැනකෙලි වෙස් දිදුලන්නේ
    සිරි කත බැලුම් හෙලමින් එහි රගමින්නේ
    සිරි කත නොදුටු දුක් ගිනි පිට නුවරුන්නේ
    ඇතුළු නුවර නිරිඳකු කෙලෙසක දන්නේ

    පිරුවට ගත දරා මෙත් සිත් පතුරන්නේ
    කිරි කළ හතක් ගෙන බෝධිය නහවන්නේ
    වැහැරුණ දෙතන මුව තුළ පන යදිමින්නේ
    කිරි කදුලකට බිළිඳකු ඉකිලුම් ලන්නේ


    සබරේ ඇනෝ

    ReplyDelete
    Replies
    1. සුපිරි කවි ටික සබරෙ ඇනෝ
      මාත් කොපි කරගත්තා

      Delete
  5. තැන්කු වර්ණ

    ReplyDelete
  6. වර්ණ සබරේ ඇනෝ යි ඹයාගෙ blog වල ඉන්න ඇනෝයි එක්කෙනෙක් හොදේ

    ReplyDelete
  7. හරි හරි සබරෙ කියන්නේ සබරගමුවෙ කැම්පස් එකේද?

    ReplyDelete