Monday, March 2, 2015

බිඳෙන නැතිවෙන

බිඳෙන නැතිවෙන බැඳෙන ඇතිවෙන
ධර්මතාවට නතුවුණා
මගේ ආදර කතාවත්

ආදරෙන් පිරි ඇගේ දෙනයන
මගේ නෙත මුණගැසුණු දා
කුරුලු තුඩ වන් මාදමක් සේ
හුදකලා බව නැතිවුණා
ආදරේ සිත ඇති වුණා
හුදකලා බව ඉපැදුණා

විරහවෙන් වැසි මගේ දෙනුවන
ඇගේ නෙත මගහැරුණු දා
වළාවක ළං සඳවතක් සේ
ආදරේ සුව නැතිවුණා
හුදකලා බව ඉපැදුණා

No comments:

Post a Comment