Monday, March 16, 2015

ඇයි මට දුක නොදැනෙන්නේ

පෙර දින සඳ යට මා සමුදුන් ඇය
ඔහුගේ තුරුලේ සැනසෙද්දී
මගේ මතක ළය උණුසුම් වූවත්
ඇයි මට දුක නොදැනෙන්නේ

මා හද ගැස්මත් ගීයක් කියමින්
තනුව වෙන්න එහි ඇසුවා මතකයි
මා ළය මත තැබු සියුමැලි කන්පෙති
ඔහුගේ හදසර අද විමසූවත්
ඇයි මට දුක නොදැනෙන්නේ

මගේ කොපුල් තල සිතුවම් කරමින්
තොල් සායම් ගැල්වූවා මතකයි
ඒ සිතුවම් රූ තවත් පැහැයකින්
ඔහුගේ මුහුණින් අද මතුවූවත්
ඇයි මට දුක නොදැනෙන්නේ

11 comments:

  1. ඉකි ගසනා කදුලක්
    නෙත යට රඳවා
    දුක නොදැනෙන බැවු
    කියනු එපා.

    ඉගිලුන පෙමකට
    වෛර නොකළ මුත්
    ලොබ සිත් නැති බව
    කියනු එපා

    ReplyDelete
    Replies
    1. පෙරදා මා රැය ගෙවූ රෑ සමනලිය අද වෙනකෙකු වැලඳ සිටනු පෙනේ. ඇය සුන්දරය ඈ දකින විට මගේ මතක ළය උණුසුම් වෙයි. නමුත් ඇය මා පමණක් සතු එකියක නොවේ. මට අහිමි වීමේ දුකක් නොදැනේ.

      Delete
  2. අපුරුයි වර්ණයා....
    සමහර අයට සමහර වෙලාවකට සමහර විට කොහෙත්ම නොතේරෙන එකම දේ තමා අනික් කෙලාගෙ හිතේ තමන් වෙනුවෙන් තියන හැගීමෙ දිග පළල
    ඒක උංගෙ වැරැද්දක්ද අපේ වැරද්දක්ද කියල අදටත් හිතාගන්ට බෑ බං...
    ජය වේවා

    ආයෙත් දවසක එඤ්ඤංකො

    ReplyDelete
    Replies
    1. එළ එළ
      ජයවේවා මහේෂ්!

      Delete
  3. Replies
    1. ස්තූතියි මහේෂ්
      ජය!

      Delete
  4. පොස්ට් දෙකක් අතරේ ගැෆ් එක වැඩි කරන්න

    ReplyDelete
  5. හරි අයියේ උත්සාහ කරල බලන්නම්
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ( උත්සාහ කරන්න දෙයක් නැ ඩ්‍රෆ්ට් කරල තියාගන්න ) දානව ලග වැඩියි බං

      Delete
  6. එෆ්බි එකේ ශෙයා කරා හරිද....??

    ReplyDelete