Sunday, March 15, 2015

අදින් පසු උදාවෙන්නේ

අදින් පසු උදාවෙන්නේ
තනිකමේ සංග්‍රාමයයි
මෙයින් මතු රැව් නැගෙන්නේ
විරහවේ සංගීතයයි

අඳුර තැන තැන බෝ වෙලා
සුසුම් කැකුළක් පීදිලා
කඳුළු සේදී දුකම පෑදී
ගොඩ නැගෙන්නේ මේ
අරාජික වූ විජිතයයි

මතක දිය කඳ කැළඹිලා
අතීතය බොරුවක් වෙලා
හැඟුම් සිරවී හදෙහි සැඟවී
ඉකි ගසන්නේ මේ
පරාජිත වූ ප්‍රේමයයි

2 comments:

  1. අතීතය බොරුවක් වෙලා

    හිමි අහිමි කම් මැද ගලපනා
    ආදරේ ගනුදෙනුවක් වෙලා
    නැති වුවත් ලද ප්‍රේමයක්
    වියැකේද හද රැදි සෙනෙහසක්

    ReplyDelete
    Replies
    1. ආදරය මැනෙවින් විඳ ක්ෂණිකවම විරහවට ඇදවැටීම සංග්‍රාමයක් නොවන්නේද?
      හැමදාමත් අදහස් දෙන සබරේ ඇනෝට හදපිරි ස්තූතිය!

      Delete