Wednesday, March 11, 2015

නුඹ නැති ඒ ලොව මටද එපා

ලොවම කියන එකම වදන
එපා එපා මට නුඹව එපා
මහද කියන එකම වදන
නුඹ නැති ඒ ලොව මටද එපා

සතුටු සිනහවට උවම් තබන්නට
සඳ කුමටද මුදු මල් පෙති කුමටද
දෙතොලේ සිනහව ඇඳෙන්නටත් පෙර
මා සතුටින් බව නුඹට දැනේ නම්

දොම්නස් කඳුළට උදම් අනන්නට
රැය කුමටද විස පිරි කටු කුමටද
දෙනෙතේ කඳුළැල් පිරෙන්නටත් පෙර
මසිත දුකෙන් බව නුඹට දැනේ නම්


2 comments:

  1. නුඹ නැති ඒ ලොව මටද එපා
    සිතුවා මතකයි එලෙස හඬා
    එනමුදු ආපසු එනු බැරි දුරකට
    නුඹ ගිය බැවු දැන් දන්මි මෙමා

    හත්පොට මාලෙක හීන මවා
    සිටියෙමි තැළි පිළි ගෙනෙන තුරා
    එනමුදු බොඳ වුනු සිහින කොදෙවුවක
    එපා එපා මට නුඹව එපා

    ReplyDelete
    Replies
    1. දෑසම නොපෙනෙන පිරිමි ළමයෙකුට දහසකුත් බාධා මැද එකම සිතින් පෙම් කළ ගැහැනු ළමයෙක් වෙනුවෙන් ලියූවෙමි
      ජය!

      Delete