Sunday, March 1, 2015

නිල් සුදු පෑ සරුංගලේ

නිල්  සුදු පෑ සරුංගලේ
දුර ඇදුණා සැරින් සැරේ
අතීතයන් හෙමින් සැරේ
අමතක වෙයි තුරින් තුරේ

කෙකටිය මල් නෑ පිපිලා
වැව හිඳිලා නෑ දණ්ඩී
ඇවැස්සකම් නම් විතරයි
අරුතක් නෑ අයියණ්ඩී

පබළුවලින් මුදු හදලා
නුඹ හෙව්වා නෑණන්ඩි
අතීතයෙන් යළි ගත හැකි
කිසිවක් නෑ අයියණ්ඩී

2 comments:

  1. අතීතයෙන් යළි ගත හැකි
    මතකය ඇත අයියණ්ඩී ;)

    ReplyDelete
    Replies
    1. මතකය විතරමයි හංසියෝ ඉතිරි....
      ජයවේවා...



      Delete