Sunday, February 8, 2015

මගේ නිර්දය පෙම්වතී

මසිත තනිකර හැර දමා ගොස්
ප්‍රේම උයනක පල නෙලන්නී
එපල සුන් ගෙන දමා ගසමින්
මගේ තනි වූ සිත බිඳින්නී
මගේ නිර්දය පෙම්වතී.......

අතින් අත පටලා උවමනාවෙන්
මඑන මාවත පිය මනින්නී.....
සරදමක් රඳවා පෑ සිනාවෙන්
සියලු දුක් යළි මතුකරන්නී....
මගේ නිර්දය පෙම්වතී.....

අකුරු කැට අමුනා පණිවිඩයකින්
මගේ කවි යළි මට එවන්නී...
සිත තවත් හඬවා තව මොහොතකින්
මගේ සුවදුක් කිම අසන්නී...
මගේ නිර්දය පෙම්වතී.....


6 comments:

  1. විත්තියක් නැති පැමිනිල්ල පමණක්
    කිමද නඩුවක් අසන්නේ
    පෙමක් හැර ගිය පමණින්ම ඈ
    නිර්දයද මට නුඹ කියන්නේ

    ReplyDelete
    Replies
    1. අතින් අත පටලා උවමනාවෙන්
      මඑන මාවත පිය මනින්නී.....
      සරදමක් රඳවා පෑ සිනාවෙන්
      සියලු දුක් යළි මතුකරන්නී...

      Delete
    2. පෙමක් හැර ගිය පමණක්ම නම්
      නෑ ඇයට නිර්දය කියන්නේ
      මිතුර පැදිපෙළ හොඳින් කියවා
      වැසි අරුත සිහියට නගන්නේ

      Delete
    3. කොමෙන්ටුවට තුති

      Delete
  2. බොහොම ලස්සන කවි පෙළක්.

    ----------------
    අනේ බන් උඹේ කවි පොස්ට් එකට කවි කමෙන්ට් එකක් දාන්න මම කවි සිතුවිලි එන්නේ නැහැ.

    එකට සමාවෙයන්.

    අද තමයි උඹේ බ්ලොගට සැට් වුනේ. දිගටම එන්නම්.

    ReplyDelete
  3. මට කෙමෙන්ට් ගොඩක් නෑනේ
    ඒ නිසා කවි වුණත් වාක්‍ය වුණත් කොමෙන්ට් එක මට ගොඩක් වටිනවා
    බොහොමත්ම ස්තූතිියි විභීෂණ
    දිගටම එන්න ඇරයුම්

    ReplyDelete