Wednesday, February 4, 2015

කිමද සොඳුරිය වෙහෙස වී

කිමද සොඳුරිය වෙහෙස වී
වන පොත් කළේ
ගයන්නට මා අභිමුවේ
සමුගැනීමේ ගීතයක්

සඳක අවපස රුව මැවී
මලක රොන් සුණු පතිත වී
කියන්නේ මට එයම නම්
කුමට සොඳුරිය වෙහෙස වී

විල් තලය නිල් දිය පිරී
සුදු හසෙකු විල් දියට වී
කියන්නේ මට එයම නම්
කුමට සොඳුරිය වෙහෙස වී


No comments:

Post a Comment