Wednesday, February 25, 2015

සඳබ සිනහව

කොහේදෝ සිට ඇවිත්
නොදන්නා කෙනෙකු ළඟ
සඳබ සිනහව නුඹ යළිත්
ඇයි මෙසේ මුව අගට වී

සිනහවේ වරද හඳුනමි
සිනහවේ වරදින්
ලැබෙන දඬුවම් පවා හඳුනමි
දැන දැනම එය ඇයි මෙසේ

මිරිඟුවේ සිරිය දුටුවෙමි
මිරිඟුවේ සිරියෙන්
නැඟෙන කඳුළුද හොඳින් හඳුනමි
දැන දැනම එය ඇයි මෙසේ

6 comments:

  1. දැන දැනම එය ඇයි මෙසේ
    හඹා යන්නේ පසු පසේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඇයි මෙසේ?
      ස්තූතියි කොමෙන්ටුවට
      ජය!

      Delete
  2. ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝ පැදි පෙළ?...

      Delete
  3. වර්ණ මොකෝ නිහඬ .......

    BLOG එක අලුත් වෙල‍ා නැනේ....

    ReplyDelete
    Replies
    1. නෑ මම ඊයෙත් පෝස්ට් එකක් දැම්මා

      Delete