Tuesday, February 24, 2015

ඉතින් අවසන් ආදරේ

ක්ෂිතිජයේ ගිලී යන ඉරක් සේ
යුධ බිමේ පිපී එන මලක් සේ
ඉතින් අවසන් ආදරේ
කඳුලකින් නිමි කවක් සේ

මතකයන් මැද අතීතේ
බලෙන් මා නැගු මදහසක්
සුළඟකින් ඉපැදී
මියැදුණා දිය රළක් සේ

හොවාගෙන ඈ උරහිසේ
සනසවා සුවපත් කළත්
ඉඳින් හෙට වෙන්වී
කවුරු මා සනසනු එසේ

2 comments:

  1. " ඉතින් අවසන් ආදරේ
    කඳුලකින් නිමි කවක් සේ"


    නෙත කඳුලු නුඹෙ නමට
    පිදූ ඒ පෙම් කවට
    තනුව ගලපනු බැරිව
    වියෝ වූ නුඹෙ සිතට
    සෙනෙහෙ විරසක වුනේ
    මෙමා පෙර කල පවට
    අකටයුතු කම් කලා නොව මෙමා
    නුඹෙ ලොවට
    සත්තකයි හැර යන්න
    නොසිතුවා කිසි කලෙක
    නෙත කදුල ඉකි ගසයි
    අවසඟව මා සිතට


    දැන් වර්ණ හැමදාම ලියනව නේද.....
    ඔයා ලියන විදිහ හරි ලස්සනයි වර්ණ

    ReplyDelete
  2. ගොඩක්ම ස්තූතියි Anonymous
    දිගටම අදහස් ඕනෑ
    ඔබේ කවි සමගම
    ජයවේවා!

    ReplyDelete