Monday, February 23, 2015

සෞම්‍යවන්තිය

දෙනෙත තිමිරය ඉරා විසිකළ
රූපවන්තිය
මහද තිඹිරය ඉපිදි කුලුඳුල
ප්‍රේමවන්තිය

නොදුටු වෙහෙරක් සිතෙහි අලවා
මගේ සිතුවිලි සැණින් දල්වා
වැඳුම් කරවන ඈ
සැදැහැවන්තිය

නිසල අරණක් සිතෙහි තනවා
මගේ සිතුවිලි එහි සෙවිල්ලා
බවුන් වඩවන ඈ
සෞම්‍යවන්තිය

4 comments:

  1. හරිම ලස්සනයි වර්ණ


    "මහද තිඹිරය ඉපිදි කුලුඳුල
    ප්‍රේමවන්තිය"


    කඨෝරව ඉරිතැලුන
    බොල් පොළොව
    පුසුබ ලා
    වසන්තය පැමිනි වග
    ලොවට රහසින් කියා
    සුපිපි සුදු
    බ්ම් මල

    ReplyDelete
  2. කඨෝරව ඉරිතැලුන
    බොල් පොළොව
    පුසුබ ලා
    වසන්තය පැමිනි වග
    ලොවට රහසින් කියා
    සුපිපි සුදු
    බ්ම් මල

    මට නම් වටින්නේ උඹේ කොමෙන්ට් පැදි පෙළ මචන්
    ජය!
    පුළුවන් නම් මිනිකවියට ලියන්න

    ReplyDelete
  3. කවිය මරල හුගක් කල් වර්ණ කොමෙන්ටුවට දාන්නේ කලින් ලියපුවා

    ReplyDelete
  4. කොහොම හරි කමක් නෑ ඇත්තටම ලස්සනයි

    ReplyDelete