Wednesday, February 18, 2015

මගේ හාදුවක්


නුඹෙ සුසිනිඳු සුදු කොපුලේ
පිපෙන කඳුළු මල් අතරේ
සෙමින් මැකි මැකී යන්නේ
මගේ හාදුවක් මගේ හාදුවක්

නේක වර්ණ නේක පුෂ්ප
පිපී දිලෙන උයන් තෙරේ
සිඹිනු පිණිස වෙහෙස දරමි
මලුත් විරසකයි
මා හා
මලුත් විරසකයි

රාත්‍රි දිලෙන පූර්ණ චන්ද්‍ර
සඳ රැල්ලක් සඳලු තලේ
දකිනු පිණිස බලා හිඳිමි
සඳත් විරසකයි
මා හා
සඳත් විරසකයි

8 comments:

  1. " සඳත් විරසකයි
    මා හා
    සඳත් විරසකයි"


    සඳ පැමින හිරු පැමින
    මොහොතකින් වෙන් වුවද
    සදා කල් නුඹ අසල
    තනි රැක්ක අදුර මම

    දැන් වර්ණ හරි වර්ණවත්.......

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි
    කොමෙන්ටුවෙ පැදිපෙළත් ඉතා අගෙයි....
    ජය!

    ReplyDelete
  3. සින්දුවකට හොදයි..

    ReplyDelete
  4. බොහොමත් ස්තූතියි දේශක

    ReplyDelete
  5. සිරාවට, සිංදුවකට ගන්න මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්

      Delete
  6. සරලයි ඒ වුනත් හරිම ලස්සනයි :)

    ReplyDelete
  7. ස්තූතියි හංසි

    ReplyDelete