Tuesday, February 17, 2015

මං ආදරෙයි ඔබට

මලකි නුඹ මට
සඳකි මට ඔබ
ආදරෙයි නුඹට මම
මං ආදරෙයි ඔබට

ගලා ගඟ දිය පලා ගිය දා
ඉවුර සේදී ඉතිරි වූ
ආදරේ කෙම්බිම පිපී
සුවඳ වගුරන
මලකි නුඹ මට
ආදරෙයි නුඹට මම

පලා පැහැයෙන් වළා අතුරා
අඳුර බෝවී මිලින වූ
ආදරේ අහසෙහි නැගී
එළිය අතුරන
සඳකි මට ඔබ
මං ආදරෙයි ඔබට

10 comments:

  1. සුන්දර පද ටිකක්........... අගෙයි වර්ණ

    ReplyDelete
    Replies
    1. හදපිරි ස්තූතිය කුරුටු ගෑ ගී පවුර
      ඔබේ අගය කිරීම මාව තවතවත් දිරි ගන්වනවා

      Delete
  2. කොච්චර සුන්දරද?
    I LOVE YOU කියනවාට වඩා..

    “මං ආදරෙයි නුඹට...“

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සෑම්
      ආදරෙන් පිළිගන්නවා
      දිගටම එන්න
      ජය!

      Delete
    2. උබේ බ්ලොග ෆලෝ කරන්න පුලුවන් බටන් එක ඇඩ් කර ගනින්.
      එතකොට කෙලින්ම බලන්න එන උන්ට උබව බ්ලොග් රෝලට ඔබා ගත හැකියි.

      Delete
  3. කොහොමද දාන්නේ මම වැඩිය දන්නෙ නෑ

    ReplyDelete
  4. හීනියට නව නවා
    සීරුවට හැඩදමා
    ඉවත ලූ පත්තර කොලෙන්
    මා තැනූ ඔරිගම් මලයි

    නුඹට පිදු මගෙ සෙනෙහෙ


    කවිය ඇත්තටම ලස්සනයි වර්ණ,

    දැන් යාළුවෝ ගොඩක් ඉන්නව නේද, කොමෙන්ටු වල


    ReplyDelete
  5. ආ ආව නේද? කෝ මගෙ ආරාධනාවට පිළිතුරු....
    ඔව් ටිකෙන් ටික යාළුවො එකතු වෙනවා
    ඔයත් දිගටම එන්න හරිද?
    මේ කවිය මිනි කවි එකට නම් මරු...
    කෝ මගෙ ආරාධනාවට පිළිතුරු....

    ReplyDelete
  6. නෑ ඔයා වර්ණකුලකය කරගෙන යන්න........ මන් පුළුවන් වෙලාවට ඇවිත් යන්නම

    මාත් කොමෙන්ටුවට කවි ලියනවනේ

    ReplyDelete
  7. හරි එහෙනම් දිගටම මෙහාට එන්න
    ජය!

    ReplyDelete