Sunday, February 15, 2015

මමද නැතිනම්

මඩෙහි ලූ හින නොවන් ලඳුනේ
මඩෙහි ලූ හින නොවන් ලඳුනේ
මමද නැතිනම් ඔහුද හෙට දින
ඔබේ විජිතයෙ රැඳෙන්නේ

නුඹ රැගෙන ආ ඔරුව ඔහු වේ
නුඹ සෙවූ දූපතද මම වේ
රැඳෙනු මැන නැතිනම්
යළි හැරෙනු මැන
රැඳී නොරැඳී නොයින් ලඳුනේ

හිස සෙවණ වූ පියස ඔහු වේ
නුඹ සෙවූ මල් වැස්ස මම වේ
තෙමෙනු මැන නැතිනම්
සෙවණ යනු මැන
තෙමී නොතෙමී නොයින් ලඳුනේ



8 comments:

  1. අගෙයි වර්ණ..............

    ඔබ දවසින් දවස දියුණු වෙනවා දැක්කාම හරිම සතුටුයි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි ගී පුවර
      ඔබගේ අදහස් මාව ගොඩාක් දිරිමත් කරනවා
      බොහොමත්ම ස්තූතියි

      Delete
  2. ආත්මයම උකස් තියා
    මෙමා දුටුව ඒ සිහිනයෙ
    සින්නක්කර අයිතිය නුඹ
    වෙන කාටද ලියා තියන්


    වර්ණ මේ මාසෙ දුක හිතෙන කවි ලියන්න එපා අනේ................
    කවිය ලස්සනයි වර්ණ

    ReplyDelete
    Replies
    1. ආත්මයම උකස් තියා
      මෙමා දුටුව ඒ සිහිනයෙ
      සින්නක්කර අයිතිය නුඹ
      වෙන කාටද ලියා තියන්

      නියම පැදිපෙළක්
      බ්ලොග් එකක් කළා නම් ඉතා අගෙයි

      දුක නොසිතෙන කවියකුත් ලියන්නම්කෝ
      දිගටම මේ පැත්තට එන්න හොඳඳ?

      Delete
    2. හම්ම් කලින් එකක් ලියන්න පටන් ගත්තා ඒත් පටන් ගත් තැනම නැවතුනා. දැන් ඔයාලගේ ඒවට කොමෙන්ටු දානව, ඔයාලා ලියාගෙන යන්න කියවන්න අපි එන්නම්.

      Delete
    3. ඔයාගෙ නිර්මාණ මට එවන්නකෝ මම ඔයාගෙ නම දාලා මේකේ දාන්නම්
      අපි දෙන්නම එකතු වෙලා වර්ණ කුලකය කරගෙන යමු

      Delete
  3. හරිම ලස්සන පද ගැලපුමක් ..

    ReplyDelete
  4. මේ පැත්තට ආවටත්, කොමෙන්ටුවටත් ගොඩක් ස්තූතියි කඩයිමේ ගොයියෝ..
    දිගටම මිතුදම පවත්වාගමු...
    ජයවේවා..

    ReplyDelete