Wednesday, February 11, 2015

ආදරයමැයි විරහවට ඔසුවක් වුණේ

නුඹ මගෙන් උදුරා
ඈත ගෙනගිය
ආදරයමැයි
විරහවට ඔසුවක් වුණේ...

අතීතය සිහිපත් වෙවී
වේදනා මැද
සුසුම් හද පිබිදී
ගෙවී ගිය
කාලයමමැයි
විරහවට ඔසුවක් වුණේ...

ජීවිතය සුවපත් වෙවී
වේදනා බිඳ
නෙත් අගින් ඉපැදී
නික්ම ගිය
කඳුළුබිඳුමැයි
විරහවට ඔසුවක් වුණේ....

මගේ ලොව සරසා තිබූ
වසන්ත ගෙන
මල් රොනින් සැරසී
රැගෙන ගිය
ආදරයමැයි
විරහවට ඔසුවක් වුණේ...


8 comments:

  1. ඒ වුනාට ඉතින් ආදරේම තමයි විරහව ගේන්නෙත්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා දිනේෂ්
      කොමෙන්ටුවට ස්තූතියි

      Delete
  2. බියේ නමි මිනිසුනේ
    විරහවට
    නෙනගන්න අවලාද
    ප්‍රේමයට
    මලක් ගතු කියයි නම්
    බඹරිදුට
    ඔය තුඩග හලා හල විෂක් යැයි
    බඹරින්දු දොස් නගයි නම්
    කැකුලකට
    නුඹෙ සුවද උමතුවට මගක් යැයි
    ලැබේ විද ලෝකයට
    මී පැනෙහි රසයක්
    තිබේවිද අරුතක්
    ප්‍රේමයට


    ඔයාගෙ කවිය ගොඩක් ලස්සනයි වර්ණ.......

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි
      ඔබේ ප්‍රතිචාරය මාව දිරිමත් කරනවා
      ඔබේ පැදි පෙළත් අනගියි
      දිගටම මේ පැත්තට එන්න

      Delete
  3. අාදරයමයි විරහවට ඔසුවක් වුනේ.... හරිම ලස්සනයි වර්ණ,,,,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගී පවුර

      Delete
  4. ඒ ආදරයමයි ජීවිතේට බලාපොරොත්තු දෙන්නෙත් ....

    ReplyDelete
    Replies
    1. හරියට හරි හංසියෝ.....

      Delete