Monday, February 2, 2015

කොළඹ නපුරු නෑ



කොළඹ රට කියන තරමට නපුරු නෑ
ඇස් රුවාගෙන දත් විලිස්සන
රුදුරු රකුසන් කොළඹ නෑ

කල දුටුව වළ ඉසින මිනිසෙක්
ගැහනුකම මිල කරන අඟනක්
මංමුලාවූ දනෝ ඩැහැගති
නිසි මග රැගත් කිසිවෙකුට
කොළඹ රට නම් නපුරු නෑ

පන්හිඳද පොත තුරුලු කරගත්
දිවි නගන බිම කොළඹ කරගත්
ගමෙන් ආ අය බොහෝ හමුවෙති
හිදැසකි නමුත් කිසිවෙකුට
ගමෙන් ආ බව මතක නෑ

4 comments:

  1. වර්ණ...................

    වැරදි මිනිහාට කොච්චර හොද තැනක් වුණත් වැරදියි තමයි........

    ReplyDelete
  2. එ්ක නම් සහතික ඇත්ත ගී පවුර

    ReplyDelete
  3. කොලොම් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම
    කොළොඹ නොවෙයි නපුරු වුනේ අපේම මේ මිනිසුන් මිස

    හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ නැතිවට සමාව දෙන සේක්වා :D වැඩ වැඩි නිසා පොස්ටු ලියන්නවත් කියවන්න වත් බැරිඋනා

    ReplyDelete
    Replies
    1. ඉස්සර කොළඹ කිව්වාම අපිට තිබුණෙ බයක්. ඒත් කොළඹ ඇවිත් ටික කාලයක් යනකොට තේරුණා
      කොළඹ නපුරු නෑ කියලා. හැබැයි සිහියෙන් ඉන්න මනුස්සයන්ට.
      ස්තූතියි හංසියෝ.....

      Delete