Thursday, January 8, 2015

අපේ ලෝකය

ඔබ මා පැතූ මා ඔබ පැතූ
අපේ ලෝකය බලා සිටියා
යළිත් අප එනතුරා
අතින් අතගෙන එනතුරා

පා ඇඟිලි තුඩු වලට බරදී
නලල සිප ගෙන නික්ම ගිය දා
කඳුළු සිරවී තිබුණා මගෙ නෙතේ
ඔබත් එහෙමම වෙන්නැතී

නෙත් කෙවෙනි තුළ කදුළු සිරවී
කොපුල බිඳගෙන ගලා ගියදා
සුසුම් මතුවී බිඳුණා හදවතේ
ඔබත් එහෙමම වෙන්නැතී


No comments:

Post a Comment