Tuesday, January 27, 2015

කිමද නුඹ

ළං වෙන්න නොහැකි ලෙස
වෙන්වෙලා යන්න නම්
වෙන් වෙන්න නොහැකි ලෙස
ළං වුණේ කිමද නුඹ

විල් තලේ මලක් සේ
පරවෙලා යන්න නම්
දිය මතම නොරැඳි හිඳ
කිමද නුඹ පුදසුනට පැමිනුණේ

නොහඳුනන කොනෙකු ලෙස
පිටවෙලා යන්න නම්
පිල මතම නොරැඳි හිඳ
කිමද නුඹ මොහොතකට ගෙවැදුණේ

වර්ණකුලසූරිය

2 comments:

  1. ගීතයකට මනා පද වැලක්........... රචනාවනම් අගෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තූතියි ගී පවුර
      මම අර ඔයාල කියපු සින්ඩි වලට දැම්මා තාම ගත්තේ නෑ

      Delete