Tuesday, January 27, 2015

හුදෙකලා කඳුළක්

හුදෙකලා කඳුළක්
හුදෙකලා වූ නෙතක් සෙවුවා
මුල පුරන්නට
ආත්මීය ප්‍රේමයක්

වේදනා ගඟුලේ ගිලී
ඉහළ එසැවුණු දෑත සියුමැලි
අත්වැලක් පැතුවා
මුල පුරන්නට
අනුපමේය ප්‍රේමයක්

ප්‍රාර්ථනා සයුරක් සිඳී
මතුව සුදිලෙන දෑස අසරණ
සිනහවක් සෙවුවා
මුල පුරන්නට
සදාතනික ප්‍රේමයක්


No comments:

Post a Comment