Thursday, January 22, 2015

මගේ තොටුපළ

දෑල ගඟ දිය නිසල වූ
නේක උවදුරු නොමැති වූ
නෙළුම් නිලුපුල් සුපිපෙනා
තැනෙක තොටුපළ තනමි මා

මගේ තොටුපළ කඩා වැටුණේ
මගේ වරදින්මයි
අකීකරු වූ ගඟේ දිය රළ
ඇගේ සිතුවිලි වගේමැයි
ඈ හැරගියේ මගේ වරදින්මයි

මගේ තොටුපළ සොරා ගැනුණේ
මගේ වරදින්මයි
බැඳුණු ගඟ දිය නේක උවදුරු
පැමිණි ඇරයුම් වගේමැයි
ඈ හැරගියේ මගේ වරදින්මයි


4 comments:

  1. වරද වුණා............ තමන්ට ම බැණ ගන්න ඒපා...... අගේ අැති කවි පෙළ.... නියමයි........

    මාතලංගේ සින්ඩියට..... අජිත්කුමාරගේ දර්ශකයට ගිහිං රෙජිස්ටර් වෙන්න..... තවත් කට්ටියට මේ පැත්තට ඒන්න පාර කියාවි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගී පවුර
      දැනුවත් කළාටත් ස්තූතියි මම ඒවට එකතුවෙන්නම්
      අපි වගේ නවක බ්ලොග්කරුවන්ට ඔබේ අතහිත මහමෙරක්

      Delete
  2. ආයෙත් තොටුපොළක් තනනු මැනවි
    පෙර වරදම යලිත් නොකර

    ReplyDelete
    Replies
    1. අනිවා හදනවා කොහෙද මේ වැඩ අස්සේ තම බැරි වුණානේ ඒකට වෙලාවක් හදාගන්න....
      ස්තූතියි හංසි

      Delete