Sunday, January 25, 2015

හංසියේ සුදු හංසියේ

හංසියේ සුදු හංසියේ
පස් පියුම් සිත් විලට ආ
හංසියේ සුදු හංසියේ
නුඹේ පියාපත් බර විතරක්මයි
මගේ සිතට දැනුණේ
හංසියේ සුදු හංසියේ....

සිත දයාබර පැනින් මිරිකන
කිරෙන් දිය වෙන් කරන
නුඹෙන් ගිලිහුණු සිනිඳු කෙඳි අග
ලියා තිබුණා ආදරේ...

නෙතට පින්බර උලෙළ ගෙන එන
දුරෙන් දුර ඉගිල යන
නුඹෙන් ගිලිහුණු සිනිඳු කෙඳි අග
ලියා තිබුණා ආදරේ....

3 comments:

  1. හංසියේ සුදු හංසියේ... :D

    ReplyDelete
    Replies
    1. අපේ හංසිට මගෙන් තෑග්ගක්

      Delete